සමහරු කියනවා ජීවිතය ප්‍රශ්න පත්තරයක් වගේ කියල. සමහරු කියනවා ජීවිතය ගඟක් වගේ ගලාගෙන යනවකියල. ශේක්ස්පියර් උන්නැහේ අවරුදු සිය ගණනකට කලින් කියල තියෙනවා, "ජීවිතය රඟ මඬලක්" ලු "අපි එහි නළු නිළියෝ" ලු ! වැරදියි කියන්ටත් බෑ! හරියි කියල ඔලුවේ තියාගෙන ඉදල වැඩකුත් නැහැ! එත් වෙලා තියෙන දේවල් දිහා බලනකොට, නිරාවරණයවුන, ගැටුන, සිතිවිලි දාමය දිගේ, අතීතය දිහා බලන මොහොතක් මොහොතක් ගානේ, ජීවිතය, ගඟක් වගේ ගලාගෙන යන ප්‍රශ්න වලින් පිරුණු පොත් කරපින්නාගෙන, දහ අතේ ඒවට උත්තර හොයන්ට වෙහෙසෙන, ලොකුම ලොකු, රඟපෑමක අපි හැමෝම හිරවෙලා කියල හිතුන වාර ගාන අනන්තයි අප්‍රමාණයි! "ජීවිතය ගැන මම තරම් දන්න කෙනෙක් නෑ" කියන හැමකෙනාම එහෙම හිතන හැම මොහොතකම ජීවිතයෙන් අලුත් පාඩම් ගොඩක් ඉගෙනගන්නවා! එක අතකට පුදුමයි, නොදන්නාකම නිසා යමක් දැනගන්නවා වෙනුවට, දැන දැනම ප්‍රශ්න පත්තර පිටින් එකම තැනක රැඳෙමින් එහෙටත් නැති මෙහෙටත් නැති රංගනයක්! මට එහෙම පෙනෙන්නේ ඇයි? ඒ මගේ "උරුමය" ද? "කරුමය" ද? ඒ දෙකම නැති තැන, සිතුවිලි වලට හරස් කපන එකම වචනය "අත්දැකීම" මම සාමාන්‍ය මනුස්සයෙක්! සිතුවිලි අතින් ගත්තම මම, ඔබට සාපේක්ෂව ඉහලින්ද? පහළින්ද? යන්න ඔබටවත්, මටවත්, තීරණය කිරීමට අයිතියක් නැත! එහෙත්, "ඇයට" පමණක් වෙනස් කල හැකි "ඇයට" පමණක් වෙන්වූ සිතුවිලි සමුහයක, "ඇයට" පමණක් වෙන්වූ සිහින සමුහයක, "ඇයට" පමණක් වෙන්වූ හදවතක, "ඇය" වෙනුවෙන්, පසුතැවෙමින්, නොහඩා හඬන සිතක්! වේදනාකාරී ආදරණීය අත්දැකීම ඇය? .............
කෙල්ලගේ හොඳම යාළුවා දාගෙන ලයිෆ් එකේ මැච් එක ගහන්න ඕනේ කියන තියරිය බොහොම පරණ සහ මෙලෝ වැදගත්කමක් නැති දෙයක්. මේ දක්වා මට හම්බුන යාලුවොන්ගෙන් සහ පවුලේ අයගෙන් ඉගෙනගත්ත දෙයක් තමයි, තාවකාලික ආකර්ෂණය, ආදරය කියල වැරදියට හඳුනාගෙන ඉස්සරහට ගිහින්, සමහරු පවුල් වෙලා, වැඩේ නාගෙන අනාගෙන අපහු ඔතාගෙන යන්න වෙලා. ආකර්ෂණයේ සමානකමක් තියෙන්න පුළුවන්, හැසිරීමේ සමානකමක් තියෙන්න පුළුවන් ආකල්ප ටිකක් සමාන වෙනවා බොහොමයක් හොඳම යාළුවොන්ගේ, කොහොමත් එකම ජාතියේ කුරුල්ලෝ එක පොදියටනේ පියබන්නේ……අම්මේ අහුවෙන්න හොඳ නෑ! එහෙන් මෙහෙන් හොයල ඉගෙනගත්ත විදියට ආදරේ කරද්දී ජීවිතේට අදාල ප්‍රායෝගික ගැටළු හම්බවෙන්නේ හරි අඩුවෙන් (ඒ ගොල්ලෝ කියන්නේ ) රියල් ලයිෆ් කේස් එන්න ගන්නේ දෙන්නත් එක්කම එක වහලක් යට ඉන්න ගියාම, ජීවිතේට එන ප්‍රයෝගික ගැටළු වලට පේරාදෙණිය මල් වත්තේ හරි, worldSpice එකේ කෑම මේසේ උඩ හරි, වේල්ස් පාක් එකේ බංකුව උඩ හරි විසඳුම් නැති බව තේරෙනකොට නැති ගිනි ඇවිලෙන්න ගන්නවා, දැනුම් තේරුම් ඇතුව ලව් කරන්න සහ කරපු සුළුතරයක් තමයි එහෙම ගිනි නිවාගෙන බාධක වලින් ගොඩ ගියේ. පිස්සු හැදෙනවා නේ! ඇයි නිකන් ඉල්ලන් කන්නේ. ඇරත් නදීගේ යාළුවා නද
Comments
Post a Comment