වැඩ ඇරිලා එද්දී වෙච්ච හරි අමුතු සිද්ධියක්! .... කලින් දවසේ වගේ, මමයි මගේ මිත්රයා තිබන් එක්ක, ස්ටේසන් රෝඩ් එක දිගේ පොඩි කතාවක් දාගෙන එද්දී......, ලඟට එනකන් ගානක් නෑ! ඇවිත් නැවැත්තුවා ත්රී වීල් එකක්, රතු පාට! අපෙන් ඇහුව " පුතාල නුවරටද යන්නේ ?" තිබන් ගැස්සිලා වගේ බලාගෙන, මම මැදට පැනල කිව්වා "ඔව් !" අනික් පැත්තට ආවා උත්තරයක් "එහෙනං නගින්ඩ, ගිහින් දාන්නං !" මේ පාර හොඳට ත්රී වීල් ඒකට එබිලා බැලුවා, දකුණු අතේ බාගෙට ඉවර වෙච්ච සිගරට් එක!, මනුස්සයා ත්රී වීල් එක එළවගෙන ඇවිත් තියෙන්නේ තනි අතින්ද කොහෙද!, අපිට පුතාලා කියල කතා කරාට, පෙනුමේ හැටියට ඒ මනුස්සයට අපිට වැඩිය අවුරුදු පහක් හයක් වැඩිමල් අයියා කෙනෙක් වගේ! මට පෙනුන හැටිද මන්ද, නොදන්න කෙනෙකුත් වෙච්චි එකේ එහෙම යන එකත් හරි නැති එකේ, මම කිව්වා "හරි මාමා කමක් නෑ !" ඇතුලෙන් උත්තරයක් ආවා "සල්ලි ගන්නේ නෑ!!!! ගිහිල්ලා දාන්නං, නගින්ට !!" කිව්ව සැරටද මන්දා වයින් කරලා වගේ වීල් එක අස්සට නැග්ගවුනා! "මුටද පිස්සු? මටද පිස්සු?" මං මටම එවෙලේ කියගත්තා, තිබන්ට කරකියා ගන්ට දෙයක් නෑ! ආපහු ඒ මනුස්සයා තිබන්ට කිව්වා "හරි ! නගින්ට! හන්දියට ගිහින් දාන්නං!! " මට වෙච්චි දේ තමයි තිබන්ටත් උනේ! මේ කිව්ව ටික වෙන්ඩ තප්පර දහයක් විතර යන්ට ඇති! නැග්ග ගමන් ගැරඩියා භූමිතෙල් ගාගත්තා වගේ, එක පිම්මට! මෙන්න හන්දිය ළඟ!! මම වෙව්ලනව! තිබන් බැස්සා, මමත් හෙමීට බහින්ට ලෑස්ති වෙනකොට "හා හා ඉන්ට මම නුවරට ගිහින් දාන්නං!!" මම නිකන් අයිස් වෙලා වගේ! වැඩිපුර සල්ලි ටිකක් තිබුන එකේ, මම මොකුත් නොකියා කරබාගෙන හිටියා. හන්දියෙන් මීටර් පනහක් හැටක් යනාකොට තියෙන, දුම්රිය ගේට්ටුව ළඟ තියෙන බස් හෝල්ට් එකේ හිටියා අන්කල් කෙනෙක්! අමුතුවෙන් කියන්ට ඕනේ නෑ, අන්කලුත් වීල් ඒකට නැග්ගා! නෙවෙයි නැග්ගවුනා!! හෝල්ට් එක ළඟ ඉඳලා කටුගස්තොට පාලම ලඟට, එක පිම්මයි !!!! අන්කලුත් කොහොමහරි බැහැගත්තා! ඒ අන්කල් මේ මනුස්සයට සල්ලි වගෙයක් දෙන්ට හැදුවා! හරිගියේ නෑ! හැරෙන තැපෑලෙන් ආවා උත්තරේ! "සල්ලි එපා ඒ සල්ලි බස් ඒකට තියාගන්ට!!" අම්මප ගුටියක්වත් නොකා දවල් තරු දැක්ක පළවෙනි වතාවද කොහෙද! ඒ අස්සේ බ්ලොක් එක! "අමුතු ඩයල් එකක් !" මම මටම කියාගත්තා.
මනුස්සයා වීල් එකේ සයිඩ් කන්නාඩියෙන් මගේ දිහා කීප සැරයක් බැලුවා! එකපාරක් බලනකොටම මම ඇහුව "මාමගේ ගම කොහෙද ?" උත්තරයක් ආවා "පුතා මම නුවර, මගේ උපන් ගම මාතර !, මම දැන් වැඩ කරන්නේ නුවර හොස්පිටල් එකේ!!" උත්තරේ ඉවර නෑ.. එත් එක්කම... "බලන්ට පුතා මේ බස් කාරයෝ හින්දා මිනිස්සු කීදෙනෙක් රස්තියාදු වෙනවද කියල!! මුන් හින්දා පාර ඉවරයි!" මනුස්සයා කියපු කතාවේ වැරැද්දකුත් නෑ බලන් යනකොට! "මගේ හිතවතෙක් කටුගස්තොට ඉඳලා නුවර හොස්පිටල් එන ගමනට පැය එකහමාරක් ගිහින්! කාට කියන්ටද " මම සයිඩ් කන්නාඩියෙන් මනුස්සයා දිහා හිනා වෙලා බලන් හිටියා! කුඹි පෝලිම වගේ දිගට තියෙන බ්ලොක් එකේ, පොඩි පොඩි හිස්තැන් අස්සෙන් වීල් එක රින්ගවාගෙන යන හැටි මම දෙයියෝ බුදුන් සිහි කරගෙනම බලාගෙන හිටියා. කොහොම කොහොමහරි මැරෙන්නේ නැතුව ආවා! බිංගේ පහු කරද්දී තියෙන හෝල්ට් එකේ ලස්සන ජෝඩුවක් හිටියා හුරුබුහුටි පොඩි එකෙක් වඩාගෙන, "නුවරටද යන්නේ? නගින්ට එහෙනං" සුපුරුදු වචන මාලාව! එක පිම්මට ට්රිනිටි ඉස්කෝලේ ළඟ!! හොඳ වෙලාවට අර පොඩි එකාට නින්ද ගිහින් තිබුනේ! නැත්තන් ඒ අඬන සද්දේ දරා ගන්ට බැරුව අපිට හොස්පිටලයිස් වෙන්ට වෙන්නේ! ඔහොම ඔහොම දළඳා මාලිගාව කිට්ටු වෙනකොටම මම කිව්වා "මාමා මට මාලිගාව ළඟ බහින්ට ඕනේ" කියල, බොහොම සීරුවෙන් වීල් එක අයින් කරලා නැවැත්තුවා, කලින් සල්ලි නොගත්තා උනත්, බහිනකොටම මම ඇහුව "මාමා, මාමගේ අලාබෙ කීයද?" උත්තරේ ලැබුනා "රුපියල් විස්සක් දෙන්ට, බස් ඒකට යන ගානනේ! " මම තව රුපියල් පනහේ කොලයකුත් විස්සේ කොලේ අස්සෙන් රෝල් කරලා දෙන්ට ගියා, පනහේ කොලේ අයින් කරලා මනුස්සයා ගත්තේ අර රුපියල් විස්සේ කොලේ විතරයි! හරි අමුතුයි ඉතිං. "මාමගේ නම මොකද්ද ?" අන්තිමටම ඇහුව නම, හම්බුනා උත්තරේ "ඉන්දික !" වැඩිය පුරුදු නැති පළාතක, හිටපුගමන් මතුවෙලා උදව්වකුත් කරලා, ගමන හින්ද බයෙන් සැකෙන් හිටපු එකාගෙ හිත නිවෙන්ට පොඩි ගානක් අරන් වැව රවුමේ බ්ලොක් එක අස්සෙන් අතුරුදහන් වෙලා ගිය, හරි අමුතු, රෝද තුනේ, මනුස්සයෙක් !

Comments
Post a Comment