මගේ රැජිණිය, ඔබ, මම, අප, කිසිවෙකු හුදෙකලා පුද්ගලයන් නොවෙයි, අපි සමාජ සත්වයන්ය, අපේ සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම්, හැසිරීම් රටාවන් ආදිය නිර්මාණය වන්නේ අපගේ සමීපතමයන් මගිනි. අපි කන බොන අඳින පළඳින, ලියන කියන, රටාවන් පවා යහළුවන් යෙහෙලියන් හේතුකොටගෙන වෙනස් වෙයි! එහෙම අය නැති අය ඇති අයට වඩා වෙනස්ය. සමහර වෙලාවට මිතුරන් මිතුරියන් ඇතිවන්නේ නැතිවන්නේ, ඒ සඳහා අවැසි කුසලතා අඩු වැඩි වීම නිසා වෙන්ට පුලුවන් ! ජය පරාජය, ඉවසීම, දයාව, කරුණාව, කැපකිරීම, අවංකකම වැනි උතුම් ගුණාංග සහ අත්දැකීම් වලට හුරු වෙච්ච, වාසනාවන්ත, සුමිතුරු දෑත් දුලබයි, විරලයි, හමුවීම ආශ්චර්ය ජනකයි! රැජිණියනි! මිත්රත්වයන් සදාකාලික නොවෙන්ට පුලුවන්, එත් ඒ මිතුදම් නිසා ඉතිරිවූ සටහන්, ජීවිතය පුරාවටම හැර නොයන්ට පුලුවන්, හරි අමුතු සිදුවීම් ජාලාවක්, සමහරු මිතුරන් සමග වැනසෙනවා, තවත් සමහරු මිතුරන් සමග සැනසෙනවා, මගේ රැජිණියනි! මිත්රත්වය දැන් පාරිභෝගික අයිතමයක් වී හමාරය! විපතේදී සියලු ගනුදෙනුකරුවන් විසිවී යනු ඇත, එහෙත් මිතුරු මිතුරියන් පමණක් ඉතිරිවෙනු ඇත. මගේ රැජිණියනි, ඔබ හඬන විට සිනාසෙන්නට කියාදෙන්ට මට පුළුවන්කමක් නෑ මගේ රැජිණියන
"do one good thing to result in another good thing, to me, that is a good life, that is living." - Dumidu Samarathunga.