Skip to main content

Posts

Showing posts from August, 2017

තමන් ගැන හිතන හැමෝටම!

තමන් ගැන හිතන හැමෝටම!
-----
තමන්ට තමන් උපමාවක් කරගන්න,
තමුන් කාටහරි නරක දෙයක් කරන්න සැරසෙනවානං, තමන්ටම ඒ දෙය ආදේශ කරගෙන බලන්න.
තමුන්  කාටහරි හොඳ දෙයක් කරන්න සැරසෙනවානං, එකත් තමන්ටම ආදේශ කරගෙන බලන්න.
අවංකවම තමුන් කැමති තමන්ට හොඳක් වෙනවට නේද?
එහෙනං හොඳ දේවල් කරන්න පුරුදු වෙන්න,
හොඳ දේවල් දෙන්න පුරුදු වෙන්න.
-----
ආත්මාර්ථකාමියාට උඩදී කියපු කිසිදෙයක් තේරෙන්නේ නැත! කොහොම කිව්වත්, 90% කට උඩදී කියපු කිසි දෙයක වගේ වගක් නැත! තේරෙන්නේ නැත! කරන්නට උවමනාවක්ද නැත, කොන්දක් ඇත්තේම නැත! කටවල් නං ඇත! ෂෝ එක උපරිමේට ඇත! විවිධාකාර කාල සීමාවන් හමුවෙයි, පහුවෙයි, විවිධාකාර විලාසිතාවන් හමුවෙයි, පහුවෙයි, එත් කවුරු කොහොම කොහේ කිව්වත්, හොඳ දේ හොඳයි, නරක දේ නරකයි!    
-----
මේ දේ හරියට තේරුම් ගත්ත 10% හින්ද තමයි අද වෙනකන් මේ ලෝකේ මේ තත්වෙන් හරි තියෙන්නේ! පුලුවන්නං එහෙම කෙනෙක් හොයාගෙන ඉගෙනගන්න! හොයාගන්න බැරිනං තමන් එහෙම කෙනෙක් වෙන්න උත්සහ කරන්න!
-----
පුරුදුවෙන්න,
ආත්මාර්ථකාමී නොවී, තමන් ගැන හරියට හිතන්න,
ඒක පට්ට!

dumidu samarathunga