දියුණු කල මනසින්, උසස් වූ බුද්ධියෙන් හා යහපත් ගුණධර්ම වලින් පිරුණු සමාජයක ජාතීන්, කුල හා ආගම් ස්වභාවයෙන්ම සහජීවනයෙන් සමාදානයෙන් සියලු කටයුතු සම්පුර්ණ කරගැනීම සිදුකරනවා. ඉහත කී කරුණු පිරිහීමට නැත්නම් අභාවයට යාමේදී, සමාජීය වශයෙන් ජාති කුල ආගම් වල ඇති අන්තර් සම්බන්ධතාවය බිඳීමකට ලක්වෙනවා, බලයට හෝ වෙනයම් අන්තවාදී කරුණු සහ අරමුණු ඉලක්ක කරගෙන කටයුතු කරන අයවරුන්ට මෙම අන්තර් සම්බන්ධතාවය බිඳුණු ජනකොටස් හා ජාතීන්, තමන්ගේ ආයුධයක් නැත්නම් තමන්ගේ අරමුණ කරා ලඟා විය හැකි උපක් රමයක් ලෙස ඉතාමත් පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා සහ භාවිතා වෙමින් පවතිනවා. මනස දියුණු නොකළ, ගුණධර්ම පිරිහුණු, තර්කය සහ බුද්ධියට පමණක් මුලිකත්වය දීම දිගින් දිගටම සිදුකිරීම නිසා විවිධ අන්තවාදී සංකල්ප සහ කල්ලි නිර්මාණය වීම, තාර්කිකව නිවැරදි නමුත් පරිසරයේ සහ මිනිසුන්ගේ පැවැත්මට අහිතකර ක්රියාකාරකම් සිදුකිරීම, සහ සිදුවනු දැකීම අපට අපේක්ෂා කල හැකියි, නැවැත්විය නොහැකියි. ගැටළුවකට පිළිතුර තවත් ගැටලුවකින් නොව, ගැටළුවේ මුල සහ හේතුව අවබෝධ කරගෙන පිළිතුරු සොයා ගැනීමට සහ ක්රියාත්මක වීම, උසස් වූ මනසක් ඇති සියලු "මිනිසුන්ට" ඇත
"do one good thing to result in another good thing, to me, that is a good life, that is living." - Dumidu Samarathunga.