Skip to main content

Fiverr

Fiverr කියන්නේ online marketplace එකක්, ලෝකේ වටේ ඉන්න freelance කරන හැමෝමයි buyers ලා එකතු වෙලා හැදුන online marketing community එකක්. තමන්ට හොදටම පුළුවන් දෙයක් list කරලා service එක දීල මුදලක් හොයාගන්න මේ platform එකෙන් පුළුවන්. එක හොදටම කරන්න පුළුවන් නං වෙන jobs මොකුත් නොකර Fiverr එකෙන්ම හොද ආදායමක් ගන්න පුළුවන්. එහෙම කට්ටිය ලෝකේ හැම තැනකම ඉන්නවා, ලංකාවෙත් සැලකියයුතු පිරිසක් ඉන්නවා, දැන් මම මේ කියන්න යන්නේ තමන්ගේ talent එක ගැන විශ්වාසයක් තියෙන කට්ටියට සහ තමන්ගේ අතට ගානක් හොයාගන්න ඕනෙකම තියෙන හමොටට වැදගත් වෙන Fiverr career එකට ඕනෙම දේවල් කිහිපයක් ගැන කියන්න, මේ කියන එක දෙයක්වත් නැතිව Fiverr එකෙන් ගොඩ යන්න මේ ආත්මෙට බෑ. හැබෑට මොනවද ඒ?

0. නිවැරදි අරමුණක් 
 නිවැරදි අරමුණක් ඇතුව පටන්ගන්න ඕනේ දෙයක පැවැත්මක් තියෙනව, එනිසා ටිකක් කල්පනා කරලා බලන්න ඔයාගේ අරමුණ මොකද්ද කියල, අනික් කට්ටිය කරනවට කරනවද, තමන්ගේ ජීවිතයට වැදගත් දෙයක් එකතු කරගන්නවද කියල.

1. fiverr.com account එකක්
කොයි අල ගෙඩිය කරන්නත් Fiverr එකේ account එකක් හදල තියෙන්න ඕනේ, account එකක් නැත්තන් මෙන්න මේකෙන් ගිහින් account හදාගන්න. මුණ හොදට පේන profile photo එකක් දාන්න, ලෝගෝ එකක් දාන්නත් පුළුවන් එත් ඉන්ටෙර්නෙට් එකෙන් උස්සපු ලෝගෝ එහෙම දාන්න බෑ, දාන කොයි image එකත් original වෙන්න ඕනේ, එතකොට හරි.

2. Fiverr gigs/gig ideas කිහිපයක් 
Account එකක් හදාගත්තට පස්සේ, තමන්ට හොදටම කරන්න පුළුවන් දේ හෝ දේවල් කිහිපයක් තියෙනවා නං හොදට කල්පනා කරලා ලිස්ට් එකක අරගෙන පිළිවෙලට හදාගන්න ඕනේ, හොදම දේ Fiverr site එකේ හොදට search කරලා බලන එක, එහෙම බලද්දී ඔයාට Fiverr gig එකේ දාන්න ඕනේ content එක gig title එක ගැන idea එකක් ගන්න පුළුවන්.

fiver එකේ ප්‍රධාන කොටස් 8 කට services ටික බෙදල තියෙනව

මේ sections 8ම හොදට බලල තමන්ගේ හැකියාවට ගැලපෙන හොදම area එක තෝරාගෙන, list කරන්න යන gig එක plan කරන්න තමයි තියෙන්නේ.

3. Gig image(s) / video / portfolio document (.pdf )  
Plan කරපු gig එක Fiverr එකේ list කරද්දී අපෙන් ඉල්ලනවා images ටිකක්, gig images කියල තමයි කියන්නේ, අපි දෙන්න යන service එකට ඒ images අදාළ වෙන්න ඕනේ සහ එකේ කියල තියෙන resolution(550x370px) එකෙන් හදල දාන්න ඕනේ. images වලට අමතරව අපිට අපේ service එක පැහැදිලි කරලා පොඩි video clip එකක් හදල දන්නා පුළුවන්, images වලට වැඩිය videos වලට තියෙන buyer response rate එක වැඩි කියල තමයි කියන්නේ ප්‍රතිශතයක් අරන් කිව්වොත් 220% ලු! 

video එක හරි images ටික හරි දාල, තමන් කරපු පරණ වැඩ ටිකක් එකතු කරලා PDF document එකක් හදල අපි දාන්න යන gig එකටම upload කරන්න පුළුවන් පහසුකම දීල තියෙනව. හොදට වෙලාව අරන් ලස්සන document එකක් හදල upload කරන්න තමයි තියෙන්නේ.    

4. Online bank account එකක්  
gig හදල, list කරලා දෙයියනේ කියල වැඩ ටිකක් කරලා ගානක් set කරගෙන මදිනේ, හොයපු ටික අතට ගන්නත් එපැයි. Fiverr එකෙන් support කරන bank 1යි දැනට තියෙන්නේ, ඒ තමයි payoneer පොඩි කට්ටක් කන්න වෙනවා මේකේ වැඩේ කරද්දී, එක සැරයක් නිසා වැඩිය හිතන්න යන්න ඕනේ නැහැ.  මේකෙන් ගිහින් register වෙන්න 

මීට අමතරව ඔයාලගේ communication skills හදාගන්න වෙනවා, ඒ කිව්වේ English language skills ටික ටික හදාගන්න වෙනවා, internet එකේ ඕනේ තරං courses හොයාගන්න තියෙනව, තනියම වචනෙන් වචනේ ඉගෙනගන්න, English සින්දු අහන්න, මල් සින්දු අහල English ගොඩදාන්න බැරිබව මතක තියාගන්න. English movies බලන්න, ඕනෙකම තියෙනව නං ගොඩදාගන්න පුළුවන්.    

ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. ඉවසීමෙන් කැපවීමෙන් වැඩ කරන කෙනා match එක ගහනවා!

ඔබට ජය,
                   

Comments

Popular posts from this blog

Bit of Data Science

Data science is a collection of Data inference, algorithm development and technology, focusing on to solve analytically complex problems. At the center, there is data, there are more valuable raw information streaming through the Internet and stored in enterprise data warehouses, what data science doing is, using all that data in more intelligent and creative ways to process and produce insights/information which is used to generate business value, in other way data science helps us to do quantitative data analysis, to make strategic business decisions, just about anything.   
There is a side of data science, it's all about uncovering findings from data, it's called "discovery of data insight". whats happening with this is, we look at data in the smallest level we can, and with all the data mining tools, we can understand complex behaviors, trends. It's about revealing hidden information that can help users and companies(mostly companies) to make smarter business …

කාමරේ | The Room - Final

කෙල්ලගේ හොඳම යාළුවා දාගෙන ලයිෆ් එකේ මැච් එක ගහන්න ඕනේ කියන තියරිය බොහොම පරණ සහ මෙලෝ වැදගත්කමක් නැති දෙයක්. මේ දක්වා මට හම්බුන යාලුවොන්ගෙන් සහ පවුලේ අයගෙන් ඉගෙනගත්ත දෙයක් තමයි, තාවකාලික ආකර්ෂණය, ආදරය කියල වැරදියට හඳුනාගෙන ඉස්සරහට ගිහින්, සමහරු පවුල් වෙලා, වැඩේ නාගෙන අනාගෙන අපහු ඔතාගෙන යන්න වෙලා. ආකර්ෂණයේ සමානකමක් තියෙන්න පුළුවන්, හැසිරීමේ සමානකමක් තියෙන්න පුළුවන් ආකල්ප ටිකක් සමාන වෙනවා බොහොමයක් හොඳම යාළුවොන්ගේ, කොහොමත් එකම ජාතියේ කුරුල්ලෝ එක පොදියටනේ පියබන්නේ……අම්මේ අහුවෙන්න හොඳ නෑ! එහෙන් මෙහෙන් හොයල ඉගෙනගත්ත විදියට ආදරේ කරද්දී ජීවිතේට අදාල ප්‍රායෝගික ගැටළු හම්බවෙන්නේ හරි අඩුවෙන් (ඒ ගොල්ලෝ කියන්නේ ) රියල්  ලයිෆ් කේස්  එන්න ගන්නේ දෙන්නත් එක්කම එක වහලක් යට ඉන්න ගියාම, ජීවිතේට එන ප්‍රයෝගික ගැටළු වලට පේරාදෙණිය  මල් වත්තේ හරි, worldSpice එකේ කෑම මේසේ උඩ හරි, වේල්ස් පාක් එකේ බංකුව උඩ හරි විසඳුම් නැති බව තේරෙනකොට නැති ගිනි ඇවිලෙන්න ගන්නවා, දැනුම් තේරුම් ඇතුව ලව් කරන්න සහ කරපු සුළුතරයක් තමයි එහෙම ගිනි නිවාගෙන  බාධක වලින්  ගොඩ ගියේ. පිස්සු හැදෙනවා නේ! ඇයි නිකන් ඉල්ලන් කන්නේ. ඇරත් නදීගේ යාළුවා න…

කාමරේ | The Room - Part 1

මාස්ක් එක බැඳගෙන පරණ ෂර්ට් එකක් ගහගෙන පොඩි ලේන්සු කෑල්ලක් බැඳගෙන නිකන් රජිනි කාන්ත් වගේ, බැස්සා කාමරේ අස් කරන්න ‘කියලා. එක පාරටම දැක්ක  පරණ පොතක් තිබුන, ටිකක් කහ පාට කවරයක් එක්ක, කාලෙකින් ඇද්දෙ නැති නිසා දාන්න පුළුවන් ඩම් එක දාල පිම්බා. කාමරේ නිකන්  දැන් සහරා කාන්තාරේ වගේ දුවිලි කුණාටුවට වැහිලා ගියා, ඇස් දෙක වහගෙන ජනේලේ ගාවට නින්ජා වගේ ගිහින් පියන් දෙකම ඇරිය. දුවිලි ටික බැහැල  ලස්සනට ලෙවෙල් වෙලා සුපුරුදු හඩු වටපිටාව දර්ශනය වෙන්න පටන් ගත්ත.

හ්ම්…. ඒක ඇවිල්ල ඉස්කෝලේ ප්‍රගති වාර්තා පොත, එව්වා එක්ක ඇති වෙන කුණාටු ගැන කියන්න ඕනේ ඕනේ නෑ නේ. අනේ ඉතින් කොහෙවත් හිටපු කෙල්ලෙක්ව ඉම්ප්‍රෙස් කරන්න කියල හිතං පන්තියේ 15,16 වෙනියා වෙලා හිටපු මම අට වසරේ අන්තිම වාරේ ඉදන් එකොළහ වසරේ අන්තිම වාරේ වෙනකන් එක දිගට පන්තියේ පළවෙනිය වෙලා දුන්න ගේම, මතක් වෙද්දී පිස්සු වගේ, ඒ කෙල්ල අපි දන්න කාලේ ඉදන් පන්තියේ පළවෙනිය, කතා කරන්නෙත් අනික් පන්ති වල පලවෙනි තුන්දෙනා එක්ක විතරයි, ඒ කාලේ පොඩි කතාවක් ගියා හොඳම මිටර් ඉන්නේ පලවෙනි තුන්දෙනා අතරේ කියල. මමත් ඉතින් ඇරියේ නෑ බැස්ස ගේම් එකට, අදාළ පාර්ශවයේ  අවධානය එද්දිම තේරුණා ඒ …