Skip to main content

Posts

Showing posts from 2020

කාමරේ | The Room - Final

කෙල්ලගේ හොඳම යාළුවා දාගෙන ලයිෆ් එකේ මැච් එක ගහන්න ඕනේ කියන තියරිය බොහොම පරණ සහ මෙලෝ වැදගත්කමක් නැති දෙයක්. මේ දක්වා මට හම්බුන යාලුවොන්ගෙන් සහ පවුලේ අයගෙන් ඉගෙනගත්ත දෙයක් තමයි, තාවකාලික ආකර්ෂණය, ආදරය කියල වැරදියට හඳුනාගෙන ඉස්සරහට ගිහින්, සමහරු පවුල් වෙලා, වැඩේ නාගෙන අනාගෙන අපහු ඔතාගෙන යන්න වෙලා. ආකර්ෂණයේ සමානකමක් තියෙන්න පුළුවන්, හැසිරීමේ සමානකමක් තියෙන්න පුළුවන් ආකල්ප ටිකක් සමාන වෙනවා බොහොමයක් හොඳම යාළුවොන්ගේ, කොහොමත් එකම ජාතියේ කුරුල්ලෝ එක පොදියටනේ පියබන්නේ……අම්මේ අහුවෙන්න හොඳ නෑ! එහෙන් මෙහෙන් හොයල ඉගෙනගත්ත විදියට ආදරේ කරද්දී ජීවිතේට අදාල ප්‍රායෝගික ගැටළු හම්බවෙන්නේ හරි අඩුවෙන් (ඒ ගොල්ලෝ කියන්නේ ) රියල්  ලයිෆ් කේස්  එන්න ගන්නේ දෙන්නත් එක්කම එක වහලක් යට ඉන්න ගියාම, ජීවිතේට එන ප්‍රයෝගික ගැටළු වලට පේරාදෙණිය  මල් වත්තේ හරි, worldSpice එකේ කෑම මේසේ උඩ හරි, වේල්ස් පාක් එකේ බංකුව උඩ හරි විසඳුම් නැති බව තේරෙනකොට නැති ගිනි ඇවිලෙන්න ගන්නවා, දැනුම් තේරුම් ඇතුව ලව් කරන්න සහ කරපු සුළුතරයක් තමයි එහෙම ගිනි නිවාගෙන  බාධක වලින්  ගොඩ ගියේ. පිස්සු හැදෙනවා නේ! ඇයි නිකන් ඉල්ලන් කන්නේ. ඇරත් නදීගේ යාළුවා න…

කාමරේ | The Room - Part 2

රතු ගැන්සිය නොහොත් red gang, විප්ලව වාදී අදහස් තියෙන ජනතා විමුක්ති පෙරමුණේ ශාඛාවක් නං නෙවෙයි, මේ ගැන්සිය ඇවිල්ලා හොඳට ඉගෙන ගන්න බොහොම ලස්සන ළමයි පෙලකින් හැදුන කණ්ඩායමක්, බටු ඇට වගේ හිටියට බොහොම හොඳ නිර්මාණශීලී සමාජ ක්‍රියාකාරීන් සැට් එකක්, වරකාපොල තමයි හෙඩ් ඔපිස් එක දාගෙන කට්ටිය සෙට් වෙලා හිටියේ. රෙඩ් ගැන් ජර්නල් සඟරාව… එකනේ මේගොල්ලෝ කොහොම හරි සඟරාවක් හදල බෙදා හැරිය එළකිරි සෙට් එක ඉතින්, සඟරාව  අතට ගද්දිම රෙඩ් ගැන් ලෝගෝ එක හදපු හැටි මතක් උනා. ඔක්කොටම මුල් වුනේ අපි ඒ කාලේ සංවිධානය කරපු සින්ඩිකේට් නයිට් ඉවෙන්ට් එක. එකේ ග්‍රැපික් වැඩ ඔක්කොම වගේ කරේ මම, ඕ යේස්  දැන් ඩිසයින් සීන් එකේ ඉන්නේ, මම මේ සම්බන්ධයෙන් වැඩකරු කියල හතර කොනේ ලේබල් වෙලා ඉවරයි එතකොට, වැඩ බොහොමයක් ඉවරවෙලා තියෙන මොහොතක ආව මැසේජ් එකක්, අපේ පන්තියේ හිටපු නංගි කෙනෙක්ගෙන්, ඒ නංගිත් බොහොම හොඳ බුද්ධිමත් කරුණාවන්ත කෙලි පොඩ්ඩක්. සඟරාව අපේ ගෙදරට තැපැල් කරෙත් එයා හරි සුවීට් ඉතින්. සීන් එක ඔක්කොම පැහැදිලි කරලා දීල ප්‍රේසිඩන්ට් මල්ලිවත් සෙට් කරලා දීල වැඩේ මට භාර දුන්න, බාර ගත්ත වැඩේ මම කරා, කට්ටිය පුල් හැපී, මමත් පුල් හැපී, හැබැයි මම …

කාමරේ | The Room - Part 1

මාස්ක් එක බැඳගෙන පරණ ෂර්ට් එකක් ගහගෙන පොඩි ලේන්සු කෑල්ලක් බැඳගෙන නිකන් රජිනි කාන්ත් වගේ, බැස්සා කාමරේ අස් කරන්න ‘කියලා. එක පාරටම දැක්ක  පරණ පොතක් තිබුන, ටිකක් කහ පාට කවරයක් එක්ක, කාලෙකින් ඇද්දෙ නැති නිසා දාන්න පුළුවන් ඩම් එක දාල පිම්බා. කාමරේ නිකන්  දැන් සහරා කාන්තාරේ වගේ දුවිලි කුණාටුවට වැහිලා ගියා, ඇස් දෙක වහගෙන ජනේලේ ගාවට නින්ජා වගේ ගිහින් පියන් දෙකම ඇරිය. දුවිලි ටික බැහැල  ලස්සනට ලෙවෙල් වෙලා සුපුරුදු හඩු වටපිටාව දර්ශනය වෙන්න පටන් ගත්ත.

හ්ම්…. ඒක ඇවිල්ල ඉස්කෝලේ ප්‍රගති වාර්තා පොත, එව්වා එක්ක ඇති වෙන කුණාටු ගැන කියන්න ඕනේ ඕනේ නෑ නේ. අනේ ඉතින් කොහෙවත් හිටපු කෙල්ලෙක්ව ඉම්ප්‍රෙස් කරන්න කියල හිතං පන්තියේ 15,16 වෙනියා වෙලා හිටපු මම අට වසරේ අන්තිම වාරේ ඉදන් එකොළහ වසරේ අන්තිම වාරේ වෙනකන් එක දිගට පන්තියේ පළවෙනිය වෙලා දුන්න ගේම, මතක් වෙද්දී පිස්සු වගේ, ඒ කෙල්ල අපි දන්න කාලේ ඉදන් පන්තියේ පළවෙනිය, කතා කරන්නෙත් අනික් පන්ති වල පලවෙනි තුන්දෙනා එක්ක විතරයි, ඒ කාලේ පොඩි කතාවක් ගියා හොඳම මිටර් ඉන්නේ පලවෙනි තුන්දෙනා අතරේ කියල. මමත් ඉතින් ඇරියේ නෑ බැස්ස ගේම් එකට, අදාළ පාර්ශවයේ  අවධානය එද්දිම තේරුණා ඒ …

ගම හොල්ලපු සුද්දී

ආයුබෝවන්ට, සුද්දී කියද්දී මතක් වෙන්නේ ගමේ සුද්දී නංගි ද, නෑ මේ එයා ගැන නෙවෙයි, එහෙනන් වැස්සියෙක් ගැනද? නෑ. එහෙනන් සිරා සුද්දියෙක් ගැනද? එ්ත් නෑ ආයුබෝවන්, කතාව පටන් ගන්නේ මෙන්න මෙහෙම, ඔන්න එකෝමත් එක කාලෙක.... එන්ටර් වෙන විදිය පරණයි වගේ නේ. මටත් හිතුනා අනේ, මම මේ රවුමෙන් එන්නේ සීන් එකට. හා හා සුද්දී කියන්නේ කාර් එකක් නෙවෙයි, පිටසක්වලින් ආපු ජීවියෙක් කියලා හිතුවා නන් එකත් වැරදී හිටන්. ගල්කන්දේ ලයිට් බලුප් දිහා බලාගෙන ඇදිරිනීති බීසන උණුහුම විඳගෙන ටක ටකස් ගාලා ටයිප් කොරගෙන යනකොට වම් කන ගාවීන් තඩි ගෙම්බෙක් හයිස්පීඩ් ගියා, මේ දැන් තඩි කොළ පාට තණකොළ පෙත්තෙක් ඔළුවට උඩින් ජෙට් ලයිසන් ගහගෙන ගියා, ම් ම් ම්... පොඩි කරවෙන ගඳක් වගේ එනවා, කොළ පිච්චෙන ගඳක්, පොල් කොළ පිච්චෙන මරිජුවානා මොමෙන්ට් එකක් පහල වුණා. මෙහෙම සෙනෙහෙවන්ත හිතකට මෙහෙම ෆීලීන් එකක් එන්න මොකක් හරි මෙව්වා එකක් වෙන්න ඕන නේ.  ඔව් මම සුද්දී ගැන කියන්න ගත්තේ, මේකත් වෙනම ආතල් එකක් වගේ, කුබියෝ නාට්ටිය මතක් උනා, හරි දැන් හතර වටේ පිරිත් කියන සද්දෙ ඇහෙනවා, හරි සාමකාමී වාතාවරණයක්, කතාව මේකයි, එකෝමත් එක කාලෙක දවස් පහකට කලින් ගෙට උඩහ කැලේ ඌරෝ දගලන ස…