කෙල්ලගේ හොඳම යාළුවා දාගෙන ලයිෆ් එකේ මැච් එක ගහන්න ඕනේ කියන තියරිය බොහොම පරණ සහ මෙලෝ වැදගත්කමක් නැති දෙයක්. මේ දක්වා මට හම්බුන යාලුවොන්ගෙන් සහ පවුලේ අයගෙන් ඉගෙනගත්ත දෙයක් තමයි, තාවකාලික ආකර්ෂණය, ආදරය කියල වැරදියට හඳුනාගෙන ඉස්සරහට ගිහින්, සමහරු පවුල් වෙලා, වැඩේ නාගෙන අනාගෙන අපහු ඔතාගෙන යන්න වෙලා. ආකර්ෂණයේ සමානකමක් තියෙන්න පුළුවන්, හැසිරීමේ සමානකමක් තියෙන්න පුළුවන් ආකල්ප ටිකක් සමාන වෙනවා බොහොමයක් හොඳම යාළුවොන්ගේ, කොහොමත් එකම ජාතියේ කුරුල්ලෝ එක පොදියටනේ පියබන්නේ……අම්මේ අහුවෙන්න හොඳ නෑ! එහෙන් මෙහෙන් හොයල ඉගෙනගත්ත විදියට ආදරේ කරද්දී ජීවිතේට අදාල ප්‍රායෝගික ගැටළු හම්බවෙන්නේ හරි අඩුවෙන් (ඒ ගොල්ලෝ කියන්නේ ) රියල් ලයිෆ් කේස් එන්න ගන්නේ දෙන්නත් එක්කම එක වහලක් යට ඉන්න ගියාම, ජීවිතේට එන ප්‍රයෝගික ගැටළු වලට පේරාදෙණිය මල් වත්තේ හරි, worldSpice එකේ කෑම මේසේ උඩ හරි, වේල්ස් පාක් එකේ බංකුව උඩ හරි විසඳුම් නැති බව තේරෙනකොට නැති ගිනි ඇවිලෙන්න ගන්නවා, දැනුම් තේරුම් ඇතුව ලව් කරන්න සහ කරපු සුළුතරයක් තමයි එහෙම ගිනි නිවාගෙන බාධක වලින් ගොඩ ගියේ. පිස්සු හැදෙනවා නේ! ඇයි නිකන් ඉල්ලන් කන්නේ. ඇරත් නදීගේ යාළුවා නදීට වැඩිය හොඳ චරිතයක්, ලස්සන අනාගතයක් උරුම කෙල්ලෙක්, හැදෙන ගහට පාඩුවේ හැදෙන්න දීල, ආකර්සනේ ආදරේට පෙරලෙන්න දෙන්නේ නැතිව කොල්ල හිටිය. හොඳයි නේ!
කොල්ලගේ ඉලෙක්ට්‍රොනික් මස්තිෂ්කයේ ප්‍රෝග්‍රෑම් වෙලා තිබුන කොහෙන් හරි කැරකිලා කොල්ලගේ යසෝධරාව හම්බවෙයි කියල, මේ වෙනකන් ඒ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවා, යසෝධරාව හම්බවෙනකන්. බොක්කෙන්ම වැරදි මනුස්සයට ලව් කරන්න ගිහින් වරද්දගත්ත කොල්ලට, හරි ගෑනු මනුස්සය හම්බුනා නං පුල් මාවලස් ඉතින්. දෙන්න වදන් නෑ අම්මප. සඟරාවේ පිටු දෙකක් ගිය දුරක් නේද. හම්මේ…. පස්සේ හම්බුනේ මම කුරුටු බලි එහෙම ඇඳපු නෝට් පොත හාඩ් කවරෙට කළු පාට පී.වී.සී ඉස්ටිකර් එකක් අලවාගෙන කොල්ල තියාගෙන හිටියේ, ඒ කාලේ මොබයිල් ෆෝන් වලට ඇප්ස් හැදුවට කොල්ලගේ කැමැත්තක් තිබුනේ නෑ ෆෝන් වලට, ඒ වෙනුවට අතේ තිබුනේ නොකියා පොඩි ෆෝන් එකක් එක්ක මේ නෝට් පොත, රටේ නැති ඔක්කොම කුණු ගොඩවල් ලියන්නේ මේකේ තමයි ඉතින්, ගණන්, පොඩි පොඩි රූප සටහන්, හිතට එන පොඩි පොඩි අදහස් එකී මෙකී නොකී සියලුදේ පොඩි නොට් පොත් රාජයා දරාගෙන හිටිය, එකේ තියෙන දේවල් ගැන කියලදෙන්න ගියොත් ජීවිත කාලයක් කාමරේම ඉන්න වෙනවා, හැබැයි ඒ පොතට සම්බන්ධ එළකිරි කතාවක් තියෙනවා.
ඩිප්ලෝමා එක්සැම් ඉවර වෙලා අපිට උගන්නපු සර් කෙනෙක්ගේ කොම්පැනියක ට්‍රේනින් වෙබ් ඩිවලොපර් කෙනෙක් විදියට වැඩ කරන්න සෙට් උනා, මාස කිහිපයක් ගතවුන තැන හවස් වරුවේ වැඩ ඇරිලා ගෙදර එන්නන් කියල නැග්ග වත්තේගම නුවර ලංගම බස් එකට, වෙනද වගේ බෑග් එක සයිඩ් එකට දාගෙන කොන්දොස්තරට සල්ලිත් දීල ශේප් එකේ ආව, මගදී ඉස්කෝලේ යාලුවෙක් හම්බුනා ඉතින් කදේ දාගෙන ආව නුවරටම, අම්පිටිය බස් එකට නැගල ඉඳගෙන බෑග් එක දිහා බලද්දී ඉස්සරහ පොකට් එක ඇරලා, පොත මිසින්…. ලෝකෙම ස්ලෝ මෝෂන් වෙලා ඔලු කට්ට රත් වෙලා ගියා…. ඔව් ඔව් නෝට් පොත උස්සල. කොල්ල ඒ කාලේ පර්ස් පාවිච්චි කරේ නෑ, බැංකුවේ කාඩ් එකයි රුපියල් පන්සීයේ කොලේකුයි විතරයි තිබුනේ, හොර මාමා අත දානකොට හිතන්න ඇති, “අම්මටසිරි සල්ලි කුට්ටියක්” පව් ඉතින්… සද්ද නැතුව ගෙදර ඇවිත් කට්ටියට වෙච්චි සිද්දිය කියල හොඳවයින් දෙකක් අහගෙන, බැංකුවට කතා කරලා බැංකු කාඩ් එක ඩිසේබල් කරා, මහලොකු සල්ලියක් තිබ්බේ නෑ… කොල්ල මහන්සියෙන් හොයපු පිච්චිය නේ… එදාම මේ දුක්ගැනවිල්ල කියල පේස් බුක් එකේ පොස්ට් එකක් දැම්ම, කට්ටිය ඒක ශෙයා කරලා සෙනික රට වටේ ගියා, පහුවදා ඉතින් මූන ඇඹුල් කරගෙන වැඩට ගියා, උදේ දහයට විතර ඔපිස් එකේදී කෝල් එකක් ආව, කේ. සී. සී. එකේ සිකුරුටි ඔපිසර් කෙනෙක් කතා කරලා කිව්වා, මෙහෙමයි ඔයාගේ පොතකුයි කාඩ් කිහිපෙකුයි හම්බවෙලා තියෙනවා ඇවිත් අරන් යන්න පුලුවන්ද කියල. මම ඔපිස් එකේ සර්ට කියල හවස විනාඩි පහලවකට විතර කලින් වැඩ ඇරිලා ඇවිත් කේ. සී. සී. එකෙන් පොත අරන් ගියා. හරියට හරි පන්සීයේ කොලේ මිසින්. කොහොමත් හොරා පේස් බුක් එකේ පොස්ට් එක දැකල බය වෙලා වෙන්න ඕනේ පොත දාලා ගියේ, නිකමට වගේ හොර මාමා පොතේ තිබුන අයිඩියාස් එකක් හරි කරලා බැලුව නං ජීවිතේට ආයේ හොරකන් කරන්නේ නෑ, පවට පින දෙන්න බෑ නේ, කිසි දෙයක් වෙලා නෑ. එදා ඉදන් පුල් ඇලට් එකේ තමයි බස් එකේ හරි කොයි දඬුමොනරේ හරි යන්නේ. කොල්ල කාටවත් වැරද්දක් කරලා නෑනේ, සෙනික සොබා දහමෙන් රිටන් එක ලැබුන. හොඳ පාඩන් ඉතින්. බලමුකෝ එකෙත් හැටි, උදේ නමයට කාමරේ අස් කරන්න ගත්තේ, මනෝ පාර ගහල වටේ ගිහින් එද්දී දවල් දෙකයි. හරි සනීපයි. මතක ලෝකෙට තියපු අඩිය ආපහු අරන්, කඩියා වගේ අස් කරන්න පටන් ගත්තා.

Comments
Post a Comment