රතු ගැන්සිය නොහොත් red gang, විප්ලව වාදී අදහස් තියෙන ජනතා විමුක්ති පෙරමුණේ ශාඛාවක් නං නෙවෙයි, මේ ගැන්සිය ඇවිල්ලා හොඳට ඉගෙන ගන්න බොහොම ලස්සන ළමයි පෙලකින් හැදුන කණ්ඩායමක්, බටු ඇට වගේ හිටියට බොහොම හොඳ නිර්මාණශීලී සමාජ ක්‍රියාකාරීන් සැට් එකක්, වරකාපොල තමයි හෙඩ් ඔපිස් එක දාගෙන කට්ටිය සෙට් වෙලා හිටියේ. රෙඩ් ගැන් ජර්නල් සඟරාව… එකනේ මේගොල්ලෝ කොහොම හරි සඟරාවක් හදල බෙදා හැරිය එළකිරි සෙට් එක ඉතින්, සඟරාව අතට ගද්දිම රෙඩ් ගැන් ලෝගෝ එක හදපු හැටි මතක් උනා. ඔක්කොටම මුල් වුනේ අපි ඒ කාලේ සංවිධානය කරපු සින්ඩිකේට් නයිට් ඉවෙන්ට් එක. එකේ ග්‍රැපික් වැඩ ඔක්කොම වගේ කරේ මම, ඕ යේස් දැන් ඩිසයින් සීන් එකේ ඉන්නේ, මම මේ සම්බන්ධයෙන් වැඩකරු කියල හතර කොනේ ලේබල් වෙලා ඉවරයි එතකොට, වැඩ බොහොමයක් ඉවරවෙලා තියෙන මොහොතක ආව මැසේජ් එකක්, අපේ පන්තියේ හිටපු නංගි කෙනෙක්ගෙන්, ඒ නංගිත් බොහොම හොඳ බුද්ධිමත් කරුණාවන්ත කෙලි පොඩ්ඩක්. සඟරාව අපේ ගෙදරට තැපැල් කරෙත් එයා හරි සුවීට් ඉතින්. සීන් එක ඔක්කොම පැහැදිලි කරලා දීල ප්‍රේසිඩන්ට් මල්ලිවත් සෙට් කරලා දීල වැඩේ මට භාර දුන්න, බාර ගත්ත වැඩේ මම කරා, කට්ටිය පුල් හැපී, මමත් පුල් හැපී, හැබැයි මම දැනන් හිටියේ නෑ මේ ලෝගෝ එක සඟරාවකින් සහ ටී ෂර්ට් පෝලිමකින් බ්‍රෑන්ඩ් වෙලා නවතියි කියල, මීටින්ග් වල ගහල දාපු පොටෝ වල රෙඩ් ගැන් ටී ෂර්ට් එකයි ලෝගෝ එකයි, කරපු ප්‍රොජෙක්ට් වල හැම තැනම රෙඩ් ගැන් ටී ෂර්ට් එකයි ලෝගෝ එකයි, අඩේ මම හදපු ලෝගෝ එක මෙච්චර දෙයක් කරනවද කියල හිතුන, සන්තෝසයි ඉතින් ඒ වගේම ආඩම්බරයි. ඔන්න ඔතනින් පටන් ගත්ත ලෝගෝ ඩිසයින් සෙල්ලම අද වෙනකන් කරගෙන යනවා ඉතින්, සමහර ව්‍යාපාර කෝටි ගණන් හොයන්න මම හදපු ලෝගෝ එකක් ඉස්සරහට දානවා, ඒ පොඩි ලෝගෝ එකක් නිසා පවුල් කීයක් නං පාඩුවේ කාලා ඇඳලා ඉන්නවා ඇතිද, වැටිච්ච බිස්නස් කීයක් ගොඩ යන්න ඇතිද, හිතනවා නං ඉවරයක් නැතුවම හිතන්න පුළුවන්.
කරුමෙට මම සඟරාවේ කවරේ ඇතුල් පැත්ත කියෙව්වා, තිබ්බ කවර් ඩිසයින් බයි “අහවලා” හ්ම්….. අපි අහවලාට නමක් දෙමු “නදී” කියල. නදී තමයි ඒ දවස්වල “දුරින් හිඳ ඇය දෙස බලා පෙම් කරන්නං” දෙවෙනි ජවනිකාවේ ප්‍රධාන නිළිය. පාඩුවේ වැඩක් කරගෙන හිටපු මගේ හිත නමැති මල් පාත්තියට කඩුගන්නාව පැත්තෙන් ගහගෙන ආපු කටුගොඩක් තියෙන රෝස පඳුරක් කිව්වොත් නිවැරදියි. මල්පාත්තිය ගැන අපි වෙන වෙලාවක කතා කරමු. නදී හරි අමුතු චරිතයක්, තඩි කන්නාඩි දෙකක් දාගෙන පෝනි ටෙල් කොන්ඩේ දාගෙන, ඇස් දෙකේ පොඩි වපරයක් තිබ්බ, ලස්සනයි, කන්ද උඩරට උසස් කියල සම්මත බාලිකා විද්‍යාලයට තමයි එයා ගියේ. හොඳට ඉගෙන ගන්න පුළුවන්, චිත්‍ර අඳින්න පුළුවන්, පිළිවෙලට කට්ටිය එක්ක හිටිය,
එහෙන් මෙහෙන් ආරංචි කරලා බලද්දී කොල්ලෙක් හිටියේත් නෑ. ඉතින් පොඩ්ඩක් කල් ඉඳල විභාග ඔක්කොම ඉවර වෙලා “අහන්නං” කියල ආව, ඇවිල්ල ඇහුව, ඇහුවට පස්සේ බෑ කිව්වා, බෑ කිව්වේ ඇයි කියල ඇහුවා, ඇස් දෙක අවුල් නිසා බෑ කිව්වා. හ්ම් ……. ඔහොම අවුරුදු කිහිපයක් ගෙවිල ගියා, ඩයල් එක තාම හිතෙන් ගියේ නෑ විටින් විටෙ කතා කරලා බැලුව පිළිතුර “බෑ “… පොඩ්ඩක් හෙව්වා, හොයද්දි තේරුණා චරිතේ වෙනම රඟ පෑමක යෙදිලා ඉන්නවා කියල, ප්‍රධාන හේතුව පවුල් පසුබිම, ඕනෙවට වැඩිය ළමයි පරෙස්සන් කරලා හැදුවම උන්ට නොදැනී උන්ටම පිස්සු හැදෙනවා, නවතින්නේ මනස විකුර්ති වෙලා. හදිස්සියේ හරි මේක පත්තු වෙලා, ඒ අම්මන්ඩිට නැන්දම්මා කියන්න උනොත්, හම්මේ….. මැන්ටල් කේස් එකක් පටලාගෙන, මැන්ටල් ළමයි හදාගෙන, ජීවිතේ මැන්ටල් හොස්පිටල් එකක් කරගන්න තිබුන මාරක අපලය ඉවර උනා. වචනෙන් නොකීවට මේ නිසා විඳවපු වාර කිහිපයක් තිබුන. ඔයින් ගියා මදැයි කියල, ආලේ ගෙන සාලේ ඇති බන්දේසියේ තබා සුරැකිව තැබුවා. කෙල්ල බැරි නං කෙල්ලගේ හොඳම යාළුවා ට්‍රයි කරේ නැද්ද? එකනේ ප්‍රස්නේ….. (මතු සම්බන්ධයි)

Comments
Post a Comment