Skip to main content

Posts

Showing posts from May, 2021

සකුරා සඳ

සකුරා සඳ දිහා ............... බලන් කියන සොඳුරු සිහින....... වදන් සුවඳ හමන සිතක් ......හොයන් සඳ දියේ ගලන් ගියා .... හෙමින්

අරමුණ වැදගත්

මුලිකවම පැහැදිලි අරමුණක් තියෙන්න ඕන! යන්නේ කොහොමද කියන එක අදාල නෑ! බහුතරයක් කට්ටියට අරමුණක් නෑ! යන්නං වාලේ යනවා, අහුවෙන course එකක් කරනවා, හම්බවෙන රස්සාව ජීවිත කාලේම කරං ඉන්නවා. හැමෝම රැල්ලට එකතුවෙලා එකේ දිහාවට ඇදෙනවා, තව කට්ටියක් වෙරළ දිගේ (ගොඩ බිමින්) යන්න ඕනේ තැනට යනවා. සමහරු බෝට්ටුවෙන් යනවා, සමහරු නැවෙන් යනවා, සමහරු උඩින් යනවා, සමහරු උඩින් පාත් වෙනවා(වාසනාවන්තම කොටස) හැමෝටම එකම විදියට යන්නත් බෑ, හැමෝටම එකම දුර යන්නත් බෑ! හැමෝම එක වගේ නෑ නේ! පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මනුස්සයාගේ කතාව අහලා "අරමුණක්" දෙන්න විතරයි ඕනේ.  පෞද්ගලික ආයතන වලින්වත්, රජයෙන්වත් මේක වෙන්නේ නෑ! මේක උන දවසට ලොකු වෙනසක් වෙනවා දෙකක් නෑ! අරමුණක් තියෙනවා නන් මනුස්සයා යන්න ඕනේ කොයි විදිහෙන්ද ඒ විදිහට යනවා, උඩින්ද, ගොඩින්ද අදාල නෑ!